May 01, 2024

Is ප්‍රහාරයකින් 137 ක් මරුට (Video)

Is සටන්කාමීන් විසින් යේමනයේ සානා අගනුවර ෂියා මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකකින් පුද්ගලයින් 137 දෙනෙකු මරණයට පත් ව තිබේ.

යේමනයේ පාලනය අත්පත් කරගෙන සිටින හවුදි කැරළිකරුවන්ගේ ආධාරකරුවන් විසින් මෙම දේවස්ථාන භාවිත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඉකුත් මාසයේ අයි.එස්. සංවිධානයේ ශාඛාවක් ද යේමනයේ පිහිටුවා ඇති අතර මෙම ප‍්‍රහාරය තම අනුගාමිකයන් එල්ල කළ බවට අයි.එස්. සංවිධානය පිළිගෙන ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)