May 01, 2024

තායිලන්ත හිටපු අගමැතිනී ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය එරට හිටපු අගමැතිනි යින්ග්ලක් සිනවත් නඩු විභාගයක් සඳහා කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
හිටපු අගමැතිවරියට චෝදනා එල්ල වී තිබෙන්නේ මතභේදයට ලක් වී ඇති සහල් සහනාධාර ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙසින් ක්‍රියා කිරීම හේතුවෙනි.
තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පළමු නඩු විභාගය ලබන මැයි මස පැවැත්වීමට නියම කරන බවයි.
 
යුද හමුදා කුමන්ත්‍රණයක් මගින් පසුගිය වසරේ බලයෙන් පහ කෙරුණ හිටපු අගමැතිනි යින්ග්ලක් සිනවත්ට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ දෝෂාභියෝගයක් ද සම්මත විය.
 
එම ව්‍යාපෘතිය නිසා ඩොලර් කෝටි ගණනක පාඩුවක් සිදු වූ බව පැවසෙන අතර චෝදනා ඔප්පු වුවහොත් යින්ග්ලක් සිනවත් දස වසරක සිර දඬුවමකට යටත් කළ හැකි වෙයි.
Rate this item
(0 votes)