May 01, 2024

යුරෝපාවාසීන්ට පූර්ණ සූර්ය ග‍්‍රහණයක්

හිරු සහ පෘථිවිය අතරට සඳු මැදි වී හිරු පථය ආවරණය වීමෙන් යුරෝපාවාසීන්ට අද (20) පූර්ණ සූර්ය ග‍්‍රහණයක් අත්දැකීමට හැකිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඒ අනුව ගි‍්‍රනිච් වේලාවෙන් අද පෙරවරු 9.23 සිට බි‍්‍රතාන්‍යවාසින්ට සූර්යයා සියයට 83 ත් සියයට 98 ත් අතර ප‍්‍රමාණයකින් ආවරණය වනු ඇත. 
 
බි‍්‍රතාන්‍යයට වසර 2026 වනතුරු මේ අද දක්නට ලැබෙන ප‍්‍රමාණයේ සූර්ය ග‍්‍රහණයක් දර්ශනය නොවන බව විද්‍යාඥයන් පෙන්වා දී ඇති බවද විදෙස් මාධය වැඩි දුරටත් සඳහන් කරයි.
Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 10:52