May 02, 2024

ටියුනීසියාව යුද්ධය අරඹයි

විදේශ සංචාරකයන් 17 දෙනෙකු ඇතුලූ පුද්ගලයන් 19 දෙනෙකුට මරු කැඳවමින් ජාතික කෞතුකාගාරයට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ත‍්‍රස්තවාදයට එරෙහි සටනක් දියත් කරන බව ටියුනීසියානු ජනාධිපති බේජි සෙයිඩ් එසෙබ්සි ප‍්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
 
ටියුනිස් නුවර බාඩෝ ජාතික කෞතුකාගාරයට 18 වැනිදා  එල්ලවූ ප‍්‍රහාරයෙන් ජපාන, ඉතාලි, කොළොම්බියානු,  ඕස්ටේ‍්‍රලියානු, ප‍්‍රංශ, පෝලන්ත සහ ස්පාඤ්ඤ සංචාරකයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
 
එහිදී පොලිස් නිලධාරියෙකු ඇතුලූ ටියුනීසියානු ජාතිකයන් දෙදෙනෙකුද මියගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 40 කට අධිකයි.
Rate this item
(0 votes)