May 01, 2024

තෙවැනි ආයුධ වෙළෙන්ඳා චීනයයි

ලොව තෙවැනි විශාලතම අවි ආයුධ වෙළෙන්ඳා බවට චීනය පත්ව ඇති බව බී.බී.සී.පුවත් සේවය සඳහන් කරයි.
 
ඒ අනුව මෙරිකාවට හා රුසියාවට පසුව ලෝකයේ අවි ආයුධ අපනයනය කරන තෙවැනි රාජ්‍ය බවට චීනය පත්ව ඇත.
 
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව ලෝකයේ අවි ආයුධ අපනයනයෙන් 5% ක කොටසක් මෙම කාල පරිච්ඡේදය තුළ චීනය විසින් උසුලා තිබේ.
 
මෙම අවි ආයුධ අපනයනයෙන් තුනෙන් දෙකක් ආසියානු රටවල් තුනක් වන පාකිස්තානය, බංග්ලාදේශය හා මියන්මාරය වෙත චීනය විසින් අපනයනය කර ඇත.
 
Rate this item
(0 votes)