May 02, 2024

බුදු දහමට අපහාස කිරීම නිසා නවසීලන්ත ජාතිකයෙකුට සිර දඬුවම්

බුදු දහමට නිගරු කිරීමේ චෝදනාව මත නවසීලන්ත ජාතිකයෙකුට හා බුරුම ජාතිකයන් දෙදෙනෙකුට වසර දෙක හමාර බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.
 
විවිධාකාරයෙන් වර්ණ ගැන්වූ පසුතලයක් මත වූ බුදු රුවකට 'head-phones" පැළඳවූ පෝස්ටරයක් ෆේස්බුක් සමාජජාලය හැරලා අන්තර්ජාලයට එක්කර තිබීම ඔවුන්ට එල්ල වූ චෝදනාවයි. අදාළ පෝස්ටරය නිර්මාණය කර තිබුනේ මත්පැන් ආශ්‍රිත සාදයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වන අතර අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු එයට දැඩි විරෝධතා එල්ල විය.
 
හිතාමතා බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත  අදාළ පුද්ගලයන් තිදෙනා පසුගිය දෙසැම්බර් මස අත්අඩංගුවට ගත් අතර අද දින නැවත එම නඩුව විභාගයට ගත අවස්ථාවේදී වසර දෙක හමාර බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට විනිසුරුවරුන් විසින් තීරණය කර ඇත.
 
බෞද්ධයන් බහුතරයක් වෙසෙන බුරුමයේ නීති රීති වලට අනුව කිසිදු ආගමකට අපහාස වන ආකාරයේ කටයුතු වල නියැලීම සම්පූර්ණයෙන් තහනම් වේ.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 14:16