May 02, 2024

රෝගී දරුවෙකු ගෙනගිය හෙලිකොප්ටරයක් කඩා වැටී 07ක් මියයයි (VIDEO)

හදිසි රෝග තත්ත්වයකට ගොදුරු වූ දින 5 ක් වයසැති ළදරුවෙකු සර්බියාවේ රෝහලක් වෙත රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් කඩාවැටී එම ළදරුවා ඇතුලූ පුද්ගලයන් 07දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ති‍බේ.

බෙල්ග්‍රේඩ් අගනුවරට ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී පසුගිය සිකුරාදා රාත‍්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් හෙලිකොප්ටරයේ නියමුවන් ඇතුලූ කාර්ය මණ්ඩලයේ හතරදෙනෙකුද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්වසන ආබාධයකින් පෙළුණු ළදරුවා රැගෙන ආ ගිලන් රථය මාර්ගයේ සිරවීම හේතුවෙන් එතැන් සිට ඔහු රැගෙන ගිය හෙලිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව ඇත. මෙම සිද්ධිය නිසා සර්බියාව අද ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශයට පත්කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 12:52