May 19, 2024

ගුවන් ඉන්ජිනේරු විද්‍යාව ගැන දැන ගනිමු

December 30, 2014

අන්තර්ජාතික ගුවන්තොටුපොළ උපදේශක සභාවේ සංඛ්‍යා ලේඛන අනුව ගුවන්යානා ගමන්වාර සළකා බැලීමෙන් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළවල ගුවන් යානා ගොඩබැසීම් සහ ගුවන් ගමන්වාර ලක්‍ෂ ගණනක් වසරකට සිදු වේ.

 

ගුවන් ගමන් වාරයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ගුවන්යානයක් නැංවීමක් හෝ ගොඩබැසීමකි. සාමාන්‍යයෙන් වසරකට එක් ගුවන්තොටුපොළකට ගුවන් යානා ගොඩ බැස්සවීම් හෝ ගුවන්ගතවීම් මිලියනයක් පමණ සිදු වේ.

 

2014 වසරේ ජනවාරි සිට ජූලි දක්වා සීමාව ඇතුළත ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළවල මගී මෙහෙයුම් සිදු වූ ප්‍රාථමික සංඛ්‍යා ලේඛන පිළිබඳ විමසා බැලීමක් කරමු. මගී මෙහෙයුම් හෝ ගමනාගමනයක් යන්න අර්ථ දක්වා ඇත්තේ ගුවන් යානයට ගොඩවන මගීන් සහ ගුවන්යානයෙන් බසින මගීන්ගේ එකතුවට සෘජු ගමනාන්ත වෙත යන මගීන් ගණන එකතු කිරීම ලෙසයි.

 

මේ මගින් තවත් කතාවක් අනාවරණය වේ. ඒ මගීන්ගේ ආරක්ෂාව සැළසීම අරමුණු කරගෙන සේවාවේ ගුණාත්මකභාවය සුරැකීමේ වැදගත්කමයි.

 

ගුවන්යානයක රැගෙන යන මගීන් විශාල සංඛ්‍යාවක් ගැන, ගුවන්යානයේ ගමන්වාර ගැන, ගුවන් ගමනේ සැප පහසුව ගැන සහ ආරක්‍ෂාව ගැන වගකීම එහි තත්ත්වය ගැන අස්සන් කරන බලපත්‍රලාභී ගුවන්යානා නඩත්තු ඉන්ජිනේරුවන්ගේ දෙවුර මත වැටේ. ලොව වේගවත්ම වැඩෙන කර්මාන්තයක ප්‍රශංසාවට ලක් නොවූ වීරවරයෝ මොවුහු වෙති. මතක තබා ගන්න පෘථිවිතලයෙන් ඉහළ නඟින සෑම ගුවන් යානකටම බලපත්‍රලාභී ඉන්ජිනේරුවකු තම ආශිර්වාදය ලබා දී ඇත.

 

එය සැබැවින්ම දැඩි වගකීමක් පැවරෙන වෘත්තියකි. මේ වෘත්තිය හරියට ගැළපෙන්නේ සෘජු, අවංක, කැපවීම් ඇති ස්වයං විනයක් ඇති පිරිමින්ට සහ කාන්තාවන්ට ය. මෙය ගුවන් ක්‍ෂේත්‍රයේ නිරත අයට අත්‍යවශ්‍ය කරුණු වේ.

 

ලොව පුරා බලපත්‍රලාභී ඉන්ජිනේරුවන්ගේ හිඟය හේතුවෙන්  ගුවන්යානා නඩත්තු ඉන්ජිනේරු විද්‍යාව සෑම කල්හිම ඉතාම ඉහළ පිළිගැනීමක් ඇති රැකියාවක් වී ඇත. ගුවන් ගමන් සේවාව අපගේ ලොව ඇති සියළු රටවල් එකිනෙකාට සමීප කරන්නට විශාල ලෙස දායක වේ. ගෝලීය වෙළෙඳාම, ව්‍යාපාරික කටයුතු, සංචාරක සහ විනෝදාස්වාද කටයුතු වර්ධනය කිරීමටත් ඒවා ලොව පුරා ප්‍රචලිත කිරීමටත් මේ සේවාව හේතු වේ.

 

ලොව පුරා රටවල් ගුවන්තොටුපොළවල් ඉදිකිරීමේ නිරත වෙයි. ඒ අතරම දැනට පවතින ගුවන්තොටුපොළවල් තවත් පුළුල් කිරීමට ද කටයුතු කරයි. ගුවන් සේවා වර්ධනයවන අතර ඒවාහි ගුවන් ඇණි තත්ත්වයෙන් උසස් බවට පත්කිරීම නිරන්තරයෙන් සිදු වේ. ගුවන්යානා නිෂ්පාදකයෝ වඩාත් විශාල, ආරක්‍ෂිත සහ වඩාත් ඵලදායී ගුවන්යානා නිෂ්පාදනය කරති. කුමන තත්ත්වයක් තිබුණත් ඒවා නොසළකා ගුවන්යානා නිෂ්පාදන කර්මාන්තය දිගටම වර්ධනය වේ. ඒ සමගම මේ කටයුතු කළමනාකරණයට සාර්ථකව දායක විය හැකි වෘත්තිකයන්ට ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යයි.

 

ගුවන්යානා නඩත්තු බලපත්‍ර නිකුත් කරන්නේ ඊට අදාළ රටේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මගිනි. ශ්‍රී ලංකාවේ ඒ කටයුත්ත සිදු කරන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මගිනි. එය ලොව පිළිගත් බලපත්‍රයක්වන අතර ඉහළට ගමන් කිරීමේ ආශාව ඇති ගුවන් සේවා ඉන්ජිනේරුවන්ට එය ඉතාම වටිනා සම්පතකි.

 

කෙනකු ගුවන් යානා නඩත්තු බලපත්‍රය වරක් ලබාගත් පසු එය නිසැකවම ගෝලීය ගුවන් සේවා කර්මාන්තයේ අති විශිෂ්ට රැකියාවක් සඳහා පදනම ගොඩනඟන බව නිසැකවම පැවසිය හැකි ය. රත්මලානේ (කොළඹ) සහ පේරාදෙණියේ (මහනුවර) පුහුණු මධ්‍යස්ථාන ඇති ස්කයිලයින් එරෝනෝටිකල් ඉන්ජිනේරුවන් පුහුණු ඇකඩමිය 2009 වසරේ සිට ගුවන්යානා නඩත්තු ඉන්ජිනේරු බලපත්‍ර ලබාගැනීම සඳහා ඉන්ජිනේරුවන් පුහුණු කරන ප්‍රධානතම ආයතන ලෙස පෙරමුණේ සිටී. පුහුණු වැඩසටහනේ කාලසීමාව අවුරුදු 03 ක්වන අතර එක් වසරක කාර්මික පුහුණුවක් ද මීට ඇතුළත් ය.

 

අනෙකුත් සුවිශේෂ වෘත්තිකභාවය පිරිනැමෙන ටර්බයින්, හයිඩ්‍රොලික්, ඒවියොනික්ස්, හෙලිකොප්ටර් තාක්‍ෂණය සහ විදුලි යනාදී පාඨමාලා ඇති අතර ඒවා මෙම කර්මාන්තයේ ඉහළම පිළිගැනීමට ලක් වී ඇත. ලෝකයේ ගුවන් සේවා කර්මාන්තයට සහ ගුවන් සේවා ඉන්ජිනේරු විද්‍යා ක්‍ෂේත්‍රයට තරුණ ජවසම්පන්න සුදුසුකම් ඇති බලපත්‍රලාභී ගුවන් සේවා ඉන්ජිනේරු ශ්‍රම බළකායක් දායක කිරීමේ දැක්ම ඇතිව ක්‍ෂිතිජය තෙක් විහිදෙන මෙහෙවරකට ස්කයිලයින් ආයතනය කැප වී සිටී. පුහුණු කිරීම් සහ සම්පත් පහසුකම් අතින් කර්මාන්තයේ අපේක්‍ෂිත මට්ටම් ඉක්මවා සිටිමු. ක්‍ෂිතිජය තෙක් පුළුල් අපගේ සේවාවන් ගුවන් සේවා ක්‍ෂේත්‍රයට ඉතා විශිෂ්ටතම ආධුනික ඉන්ජිනේරුවන් දායක කිරීමට අසමසම කීර්තියක් අත්කර දී තිබේ.

 

ගුවන් යානා නඩත්තු ඉන්ජිනේරු බලපත්‍රය සඳහා ස්කයිලයින් එරෝනෝටිකල් ඉන්ජිනියරින් පාඨමාලා හැදෑරීමට උනන්දුවක් දක්වන අය 0114210 300/0112635 600 අමතන්න.

Rate this item
(2 votes)