May 14, 2024

මෙරට මාළු රුසියාවෙන් ඉල්ලයි

November 26, 2014

මෙරටින් මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට රුසියාව එකඟතාව පළකර තිබේ.රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා රුසියානු කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පවතින පශු වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය හිමිව ඇතිබව සඳහන්.විදේශීය මත්ස්‍ය වර්ග සහ මුහුදු ආහාර සඳහා රුසියාවේ අධික ඉල්ලුමක් පවතින බව සඳහන්ය.

මේ යටතේ මෙරට මත්ස්‍ය නිෂ්පාදන සිදුකරන සමාගම් 14ට තම මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති බව පැවසේ.

රුසියාව සමග ඇති කරගත් එකඟතාව මගින් බෙලරුස් සහ කසකස්ථානයට ද මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමට එම සමාගම්වලට අවස්ථාව සැලසෙන බව අදාළ නිවේදනයේ සඳහන්.
ශීතකළ මසුන්, කැබලි කළ මසුන්, කරවල සහතවත් මත්ස්‍ය නිෂ්පාදන රැසක් මේ යටතේ රුසියාවට අපනයනය කිරීමට නියමිතය.

Rate this item
(0 votes)