May 15, 2024

Colombo Fashion Week 2015 අයදුම් පත් කැඳවීම අවසන්

November 25, 2014

Colombo Fashion Week 2015 වසරේ පැවැත්වීමට නියමිත විලාසිතා දැක්ම සඳහා නිරූපිකා අයදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් කර තිබේ.

එනම් Spring/Summer කාණ්ඩය යටතේ Colombo Fashion Week 2015 විලාසිතා දැක්ම එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙනු ඇති.

මෙම Colombo Fashion Week 2015සඳහා ලොව කීර්තිමත් වෘත්තීය නිරූපණවේදීන් වන Jacqueline Fernandez සහ Adam Flamer-Caldera එක් වන අතර ඔවුන් විසින් මෙරටින් බිහි වන අනාගත නිරූපන ශිල්පීන් සඳහා උපදෙස් සහ ශිල්පීය දැනුම ලබා දීමටද නියමිතය.

මෙරට විලාසිතා ක්ෂේත්‍රය තුළ වසර 11 ක සුවිශේෂි ගමන් මග වෙනුවෙන් Colombo Fashion Week 2015 විලාසිතා දැක්ම සංවිධානය කෙරේ.

මේ සඳහා අයදුම්පත් භාර ගැනීම නොවැම්බර් සහ 19 සිට 23 වැනිදා දක්වා විවෘතව පැවැතුනි.

Rate this item
(0 votes)