May 14, 2024

ඇම්.ඩී. ගුණසේන ‘කොලීන්’ බෙදාහැරීම පත් කරයි

November 20, 2014

ග්‍රන්ථ මුද්‍රණය, අලෙවිකරණය හා ප්‍රකාශනයේ නිරත මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොලීන් පෙන්සිල් තායිලන්ඩ් ලිමිටඩ් හි ඛෙදාහැරීමේ නියෝජිත ජාලය ස්ථාපිත කළ බව නිල වශයෙන් නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකාව තුළ කොලීන් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලූම සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. මේ අනුව මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල්, පොත්හල් හා සිල්ලර වෙළෙඳසැල්වලින් කොලීන් නිෂ්පාදන මිලට ගැනීමේ හැකියාව සැලසෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක‍ෂ රජීව් ගුණසේන මහතා මෙසේ කියා සිටියේය. ‘මෙම සහයෝගීතාව තුළින් අපගේ ගනුදෙනුකාරභවතුන් වෙත ජාත්‍යන්තර තත්ත්වයේ නවතම නිෂ්පාදිත, ඉහළ ගුණත්වයකින් යුතුව, තරඟකාරී මිල ගණන් යටතේ ලබා දීම වෙනුවෙන් අප තුළ ඇති කැපවීම යළිත් වරක් තහවුරු කරනු ලබනවා. කොලීන් ඛෙදාහැරීමේ ජාලය ස්ථාපිත කිරීම තුළින් ඉහළ ගුණත්වයකින් යුතු නිෂ්පාදන සමස්ත ජාතියටම පිරිනැමීමේ අනගි අවස්ථාව මේ අනුව අප හට හිමි වී තිබීම පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා’යනුවෙනි.

1913 වසරේ දී ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ ආරම්භයේ පටන් මේ දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රය හා සමීප සම්බන්ධතාවයකට හිමිකම් කීමට සමත්ව ඇත්තේ දිවයින පුරා ස්ථාපිත ශාඛා 17 ක්ද සමගිනි. ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ ශතවර්ෂයකට අධික කාලයක් පුරාවට ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙසින් වැජඹීමට ඇම්.ඩී. ගුණසේන සහ සමාගම අද වන විට සමත්ව තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 November 2014 12:43