May 15, 2024

සුපිරි මිලකට වෑන් දැන් චීනයෙන් ගෙන්වයි

November 19, 2014

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හී උපසමාගමක් වන සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් (පෞද්) සමාගම විසින් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී නව ‘කින්ග් ලෝන්ග්’ මඟී ප්‍රවාහන වාහන පෙළක් මෙරට වෙළෙදපොළට හඳුන්වාදෙන ලදි.

මේ සඳහා පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී. බී. රත්නායක, ශ්‍රී ලංකා චීන තානාපති වූ. ජියැන්හෝ, කින්ග් ලෝන්ග් විදේශ විකුණුම් සහ අලෙවිකරණ සමාගමේ ආසියානු පැසිපික් කලාපයේ කලාප කළමනාකරු ඇන්ඩෘ චෙන්, කින්ග් ලෝන්ග් විදේශ විකුණුම් සහ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපයේ විකුණුම් විශේෂඥ ඇන්ඩි චෙන්, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හී සභාපති අශෝකපතිරගේ, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස්ඔටෝමෝටිව් අංශයහි ප්‍රධාන කළමනාකරණ විධායක නිලධාරී සුමින්ද ද සිල්වා යන මහත්වරුන් මෙම උත්සවය සඳහා සහභාගී විය.

මෙම පුරෝගාමී හවුල්කාරිත්වය හරහා සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් (පෞද්) සමාගම විසින් සුඛෝපභෝගි බස්රථ සහ කින්ග් ලෝන්ග් කින්ගො මඟී ප්‍රවාහන වෑන්රථ සහ මිනි වෑන්රථ මෙරටට හඳුන්වා දී තිබේ. ආසන 29, 37, 45, 49 සහ 59 ආදි වශයෙන් ලබා ගත හැකි මෙම බස්රථ පෙළ ජර්මන් තාක්ෂණයෙන් බල ගැන්වෙන අතර චීනයේ නිෂ්පාදනය කෙරේ. කින්ගෝ වෑන් රථය ආසන 15ක්, ලෙදර් අභ්‍යන්තරය සහ 2.5ක ඉන්ටර් කූල් ටර්බෝ එන්ජිමය සමඟ පූර්ණ උපාංගවලින් සමන්විත මඟී ප්‍රවාහන වෑන්රථයකි.

කින්ග් ලෝන්ග් මිනි වෑන්රථ සාමාන්‍ය ඛෙදාහැරීම්, ගිලන්රථ, මුදල් ප්‍රවාහනය යනාදියට ගැලපෙන ලෙස වෙනස් කළ හැකි අතර අතිසුඛෝපභෝගි අත්දැකීමක් ලබා දෙමින් කුඩා කණ්ඩායම් ප්‍රවාහනය සඳහා කින්ගෝ වෑන්රථ සංචාරක අංශයට මනාව ගැලපේ. ඛෙදාහැරීම් සේවා සඳහා වාහන අවශ්‍යකරන අනෙකුත් අංශයන් තුළ බැංකු, ආරක්ෂක සමාගම්, කුඩා පරිමාණ ව්‍යාපාර යනාදිය ඇතුළත් වේ.

රුපියල් මිලියන 8.5සිට ඉහළට මිල කර ඇති මෙම බස්රථ පෙළ සඳහා වසර දෙකක හෝ කිලෝ මීටර් 100,000ක වගකීමක් ලබා දේ. king long van රථයක් රුපියල් ලක්ෂ 40 සීමාව තුළ පවතින අතර 2015 සඳහා වූ අයවැය යෝජනා තුළින් තව දුරත් අඩු වීමේ පසුබිමක්ද පවති.

Rate this item
(0 votes)