May 14, 2024

සෝනි ගන්න සිංගර් යන්න

November 18, 2014

සෝනි Xperia ස්මාර්ට්ෆෝන් මෙරට වෙළඳපොළ තුළ අලෙවි කිරීමේ නව ගිවිසුමකට සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව සෝනි නවතම ස්මාර්ට්ෆොන් යුගලයක් වන Xperia Z3 සහ Xperia Z3 Compact ජංගම දුරකතන සිංගර් විසින් වෙළඳපොලට හඳුන්වා දෙන ලදි.

නවතම ස්මාර්ට්ෆෝන් පෙළ වන Xperia Z3 සහ Xperia Z3 Compact5.2 ස්මාර්ට්ෆෝනයක් ලෙස හෝ සංයුක්ත 4.6 හැඩයෙන් ලබා ගත හැකි අතර මෙම විශිෂ්ටතම ස්මාර්ට්ෆෝන් දෙකෙහිම විශිෂ්ට තත්ත්වයේ waterproof උසස් තාක්ෂණයෙන් යුත් කැමරා සහ උපාංග,දින දෙකක් පවත්නා බැටරි ජීවකාලය සහ ප්‍රථම වරට හඳුන්වාදුන් හොඳම තත්ත්වයේ ශ්‍රවණ ගුණත්වය සහ PS4 RemotePlay2 ඇතුළු Xperia ස්මාර්ට්ෆෝන්හී අඩංගු සියළුම උපාංගයන්ගෙන් සමන්විත වේ.

Xperia Z3 රුපියල් 114,000 කට මිල කර ඇති අතර Xperia Z3 Compact රුපියල් 94,999 කට මිල කළ ඇත. සිංගර් මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඩ් ඇතුළු 400 කට අධික ප්‍රදර්ශනාගාර සහ 1400 පමණ වූ දීපව්‍යාප්ත ජංගම දුරකථන අලෙවිසැල් සඳහා සේවය සපයන මෙරට විශාලතම අලෙවි ජාලය හිමි සිංගර් ශ්‍රී ලංකා සමාගම හරහා සියළුම සෝනි ස්මාර්ට්ෆෝන් අලෙවි කරයි.

Rate this item
(0 votes)