May 14, 2024

දෙස් විදෙස් බැතිමතුන් සඳහා නැණසලක්

November 17, 2014

පසුගියදා “නැණසල දහස” වැඩසටහන යටතේ 850 වන නැණසල මධ්‍යස්ථානය  මහනුවර ‍‍‍ඓතිහාසික  ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී විවෘතවිය.

ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට සිය සන්නිවේදන කටයුතු සිදු කර ගැනීම  සදහා මෙම නැණසල මධ්‍යස්ථානය මහත් රුකුලක් වනු ඇතැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

 විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දළදා මාලිගාවේ  දියවඩන නිලමේ  ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත කෙරිණි.

 

 

Rate this item
(0 votes)