May 14, 2024

මෙරට යතුරුපැදි මිළ ඊයේ සිට ඉහළට (සම්පූර්ණ විස්තරය)

November 14, 2014

2015 සඳහා වූ අයවැය යෝජනා මගින් යතුරු පැදි මිල ගණන් විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරට යතුරුපැදි ගෙන්වා බෙදාහැරීම් කටයුතු සිදු කරන ප්‍රධාන සමාගමකින් AMBiz කළ විමසීමකදී අනාවරණය වූයේ ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම යතුරුපැදි මිළ ගණන් ඉහළ ගොස් ඇති බවයි.

එකී තොරතුරුවලට අනුව TC100, ප්ලැටිනා සහ ඩිස්කවර් යන යතුරුපැදිවල මිල ගණන් රුපියල් 10.000 (දසදහසක්) දක්වා වූ මිලකින් ඉහළ ගොස් තිබේ.

පල්සර් වර්ගයට අයත් යතුරුපැදි මිල ගණන් රුපියල් 12.000 (දොලෝස්දහසකින්) පමණ ඉහළ ගොස් තිබේ. මීට හේතු වී ඇත්තේ අදාළ බදු සම්බන්ධයෙන් පවතින වෙනසකම් වෙයි.

Rate this item
(0 votes)