May 06, 2024

ඉන්දීය ආර්ථික වැඩමුළුවේදී ලංකාව ගැන පහදා දෙයි

November 12, 2014

ලෝක ආර්ථික සමුළුවේ ඉන්දීය ආර්ථික වැඩමුළුව 2014 පසුගිය දා නවදිල්ලි නුවර දී පැවැති අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට ආර්ථික වර්ධනයන් පිළිබඳව ලෝක නියෝජිතයින් දැනුවත් කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ රටේ සමස්ථ විදුලි පාරිභෝගියකින් 75% සිය 99% දක්වා ආවරණය කිරීමට හැකි වී ඇති බවයි.

එමෙන්ම ප්‍රදේශීය මාර්ග සහ ගම්බද මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිමා කර ඇති බවත් වාරිමාර්ග සහ කෘෂි කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන බවත් සඳහන් කර තිබේ. මේ අතර බැංකු සහ මුල්‍ය ආයතන ගම්බද ප්‍රදේශයන් කරා ගෙන ගොස් ඇති බවද මෙහිදී සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)