May 06, 2024

ෆොන්ටේරා ලංකාවේ ලොකු වැඩකට අත තියයි

November 12, 2014

ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන්ට නොමිලේ කිරි ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙන බව නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය කිරි නිශ්පාදනයට හොද තැනක් ලබාදීමේ අරමුණ ඇතිව ෆොන්ටෙරා සමාගම දිවයිනේ ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘති රැසක් අතුරින් එකක් ලෙස මෙය හඳුන්වාදී තිබේ.

ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් මුහුණදෙන දුෂ්කරතාවන්ද සැළකිල්ලට ගනිමින් ෆොන්ටේරා සමාගම ගම්පහ ප්‍රදේශයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහාද මුල්ගල තබාඇත.

බියගම පිහිටි ෆොන්ටෙරා සමාගමට අයත් කිරි සැකසුම් මධ්‍යස්ථානයට දිනකට කිරි ගොවීන් 4000ක ගෙන් පමණ කිරි සැපයේ.මධ්‍යස්ථානයෙන් දිනකට කිරි ලීටර 30000 ක් පමණ සැකසේ.

පසුගිය සමයේ ඇන්කර් කිරි පිටි මුල්කරගෙන ගැටලූකාරී තත්ත්වයක් මතු වුවදශ්‍රී ලංකාව හා නවසීලන්තය ඇතිකරගෙන තිබෙන කිරි නිශ්පාදන සම්බන්ධයෙන් වන සහයෝගීතා එකගතාවයෙන් එම ගැටලූ විසඳා ගතහැකි වූ බවද එම ආරංචි මාර්ග කියයි.

දෙරට අතර ඇතිකරගෙන තිඛෙන එකඟතාවයට අනුව ඉදිරියේදී පශු වෛද්‍යරුන්ට විශේෂ පුහුණු සැසි, සතුන්ගේ පෝෂණය නැංවීමේ වැඩසටහන්, ආදිය දියත් කිරීමට නියමිතව ඇත.

Rate this item
(0 votes)