May 06, 2024

Dish TV ලංකාවේ වැඩ අරභයි

November 11, 2014

ඉන්දියාවේ විශාලතම රූපවාහිනි සමාගමවන Dish TV වෙත ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා රජය විසින් අවසරලබාදී ඇතැයි වාර්තා වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ කෙලින්ම නිවෙස් වෙත විකාශන කටයුතු සිදු කිරීමයි. (Direct to home television)

මෙම සමාගම විසින් ගෙවුණු මැයි මාසයේ සිට ලංකාවේ පර්යේෂණ විකාශන කටයුතුද ආරම්භ කර තිබේ.

මේ අනුව, සමාගම විසින් එරට කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Dish TV Lanka (Private) Limited සමාගමට ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහාඅවසරය ලැබී තිබෙන බවයි.

ලංකාවේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා මෙම සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත්Satnet සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරික හවුලක් ආරම්භ කර තිබෙන අතර Dish TV Lanka (Private) Limited නැමති එම සමාගමේ කොටස්වලින් සියයට 70 ක් Dish TV සමාගමට අයත් වන අතර ඉතිරි සියයට 30ක කොටස් ප්‍රමාණය අයත් වන්නේ Satnet සමාගමටයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගමට මේ වනවිට ඉන්දියාව තුළ ග්‍රාහකයින් මිලියන 12.1ක් පමණ සිටින බවයි.

‘televisionpost’ වෙබ් අඩවිය මේ පිළිබඳව වාර්තා කර තිබූ අතර එම ලින්ක් එකට මෙතැනින් යන්න http://www.televisionpost.com/dth/dish-tv-readying-to-launch-in-sri-lanka-soon-via-jv-company/

Rate this item
(1 Vote)