May 04, 2024

දුම්රිය ගාස්තු ඉහළට! නව දුම්රිය ගාස්තු මෙන්න

මේවන විට පවතින ආර්ථික අර්බුදයත් සමග භාණ්ඩ සහ සේවාවන්හි මිල ඉහල යමින් පවතිනවා.

ඉන්ධන අර්බුදය සහ ඉන්ධන මිල වැඩිවීමත් සමග ප්‍රවාහන සේවාවන් වලද සිය වියදම ඉහල යාම නිසා ප්‍රවාහන ගාස්තුද ඉහල නංවා තිබුණා.

මගී ජනතාව අඩු මුදලකට ප්‍රවාහන පහසුකම් සලසා ගත් දුම්රිය ප්‍රවාහනයේද ගාස්තු ඉහල නැංවීමට මේවන විට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඊයේ (28) කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

අප්‍රේල් පලවෙනිදායින් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවද හෙතෙම ප්‍රකාශ කළා.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුව ගාස්තු ප්‍රකාශ කිරීමෙන් පසු ජනතාවට දැන ගැනීම සඳහා මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එම ගාස්තු සංශෝධනය වන්නේ මෙලෙසයි.

Rate this item
(4 votes)
Last modified on Friday, 01 April 2022 13:20