May 04, 2024

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුට (Faisal bin Farhan Al Saud) පවසනවා.

සවුදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග පසුගිය 14 වනදා ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.  

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුගේ අවධානයට යොමු වූ අතර ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ සවුදි විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බව පැවසුවා.

දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි ද සාකච්ඡාවට ලක් කෙරුණා.

Rate this item
(0 votes)