May 04, 2024

මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රජයේ නිරෝධායන නීතිරිති වලට අනුකුලව කොළඹ 02, මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී මාර්තු 08 වැනිදා පැවැත්විණි.

මෙහි විශේෂ ආරාධිත අමුත්තියන් ලෙස ’Zmessanger පුද්ගලික සමාගමේ හාDigital X පුද්ගලික සමාගමේ සම නිර්මාතෘ/ ප‍්‍රධාන විධායක නිලධාරී, Mymed International(Pvt) Ltd හි සභාපතිනි ජයෝමි ලොකුලියන, Good Market Global හි සම නිර්මාතෘ/ කළමනාකරණ අධ්‍යක්ෂ අචලා සමරදිවාකර, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී ප‍්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පතින,ි කාන්තා හා ළමා කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂිකා දර්ශිකා කුමාරි රණසිංහආරච්චිගේ, පීපල්ස් ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරිනි ජීවනි කාරියවසම් යන මහත්මීන් ඇතුඵ රාජ්‍ය නිලධාරිනියන්, වෘත්තියවේදිනියන්, ව්‍යවසායිකාවන් ඇතුඵ මහජන බැංකුවේ ගනුදෙනුකාරිනියන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදි මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්ම හදුන්වා දුන් ‘Vanitha Vasana Smart Ladies’ තැන්පතු සහතිකය සහ වනිතා වාසනා Money Planner ආයෝජන සැලසුම් ගිණුම තෝරාගත් ගනුදෙනුකාරිනියන් වෙත පිරිනැමීමද සිදුකෙරිණි.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්තැ "Vanitha Vasana Smart Ladies’ තැන්පතු සහතික සහ Money Planner ආයෝජන සැලසුම් විවෘත කරන වනිතාවන් වෙනුවෙන් දිවයිනේ ප‍්‍රමුඛතම වෙළෙඳ ආයතන වලින් සුවිශේෂි වට්ටම් පිරිනැමීමද විශේෂත්වයකි.

එමෙන්ම මහජන බැංකුව ජාත්‍යන්තරව පිළිගත් සමාජ වගකීම් සහ ආචාර් ධාර්මික ව්‍යාපාරික පරිචයන් අනුගමනය කරන බව යළිත් සනාථ කරමින්, එහි සභාපතිතුමා වෙත Good Market ලියාපදිංචිය සදහා වන සහතික පත‍්‍රය පිරිනැමීම සිදුකෙරිණි.

මීට අමතරව ඩිජිටල් බැංකුකරණය ඔස්සේ කාන්තා ව්‍යවසායකත්වය බලගැන්වීම සංකේතවත් කරමින් මහජන බැංකුවේ Lanka QR පහසුකම තෝරාගත් ව්‍යවසායිකාවන්ට පිරිනැමිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ගෙවීම් හා ඩිජිටල්) කේ.බී. රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවාව) රොහාන් පතිරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ මහත්මිය ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගි වියග මීට සමගාමීව, දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛාවන්හි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සව පැවැත්විණි.

Rate this item
(0 votes)