May 04, 2024

රත්තරන් තවත් ගණන් උස්සයි! මෙරට පවුමක මිල මෙන්න

ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රත්තරන්​ අවුන්සයක මිල දින දෙකක් තුළ ඩොලර් 30 කින් ඉහළ යෑමෙන් ඩොලර් 2000 ඉක්මවා ගියා.

ලෝක රත්තරන්​ වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල මාසයක පමණ කාලයක් තුළ ඩොලර් 130 කට අධික මුදලකින් මිල ඉහළ ගොස් තිබෙනවා.

රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුධමය තත්වය රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 140,000 ක් සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 150,000 ක් පමණ විය හැකි බවට රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.

Rate this item
(0 votes)