May 06, 2024

විදේශීය ඉපයීම්වල ඉහළ යෑමක් - මහ බැංකුව දන්වයි

November 07, 2014

මෙරට විදේශීය වෙළඳ කටයුතු සම්බන්ධයෙන් පවතින තත්ත්වය ඉකුත් 2014 ජූලි මාසයේ සිට සැප්තැම්බර් වනවිට සැලකියයුතු ප්‍රවර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් දක්වා සිටි.

ආනයන සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති එලෙසින් රැක ගනිමින් කටයුත් කිරීම හේතුවෙන් සහ ආයෝජන වර්ධනය වීම මීට බලපා ඇති බවයි වාර්තා වන්නේ. එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ ආනයන වියදම්වලට සාපේක්ෂව අපනයන ආදායම් ශක්තිමත් වී ඇති බවයි.

මෙම තත්ත්වය රඳා පැවැත්මට සංචාරක ප්‍රවර්ධනයේ ඉපයීම් සහ විදේශීය ශ්‍රමික ආදායම් ද වැඩි දායකත්වයක් සැපයූ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)