April 29, 2024

දෙස් - විදෙස් සෞඛ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු පුරවන්න අලුත් වැඩක්

February 07, 2022

දෙස් - විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපිත කෙරෙන හෙද සහ සෞඛ්‍ය සත්කාර හා හෙද පුහුණු අධ්‍යාපන ආයතනයේ (Institute Of Nursing & Health Care Studies – (INHCS) පාලක මණ්ඩලය හා උපදේශක මණ්ඩලයට පත්වීම් ලිපි භාරදීම රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

විදෙස් රටවල පවතින හෙද සේවයේ ඉල්ලුමට සරිලන යාවත්කාලීන වූ පාඨමාලා ආරම්භ කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිපුණ ශ්‍රමිකයින් විදෙස් ගත කිරිමට අවස්ථා මෙමගින් හිමිවන අතර අන්තර්ජාතික පිළිගැනිමක් ඇති හෙද සේවයේ NVQ 6 උසස් ඩිප්ලෝමා සහතිකය මෙම ආයතනය හරහා ප්‍රදානය කිරිමට නියමිතය.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) අධික්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ආයතනයේ නව පුහුණු සංකීර්ණය මාලඹේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතය.

තවද මෙරට පවතින පුද්ගලික අංශයේ රෝහල් සමග එක් වෙමින් පාඨමාලා අවසානයේදී රැකියාගත පුහුණු අවස්ථාද ලබාදීමට සැලසුම් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 February 2022 12:48