May 06, 2024

Nanopool ඕනම වැඩකට දැන් ලංකාවෙත් (Video)

මෙරට සමස්ථ ඉදිකිරීම් සහ උපාංග සේවා අංශයන් වෙත නැනෝ තාක්ෂණය හඳුන්වා දීමට Eco Corp Asia Private Limited පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ කොළඹ BMICHහී දී පැවැත් විය.

ජර්මාණු තාක්ෂණයක් ඔස්සේ මෙලෙස නැනෝ තාක්ෂණික නිෂ්පාදනයක් මෙරට වෙළඳපොල වෙත හඳුන්වා දී තිබෙන අතර එය ‘nanopool’ වෙළඳ නාහය යටතේ රට තුළ ව්‍යාප්ත කිරීමට නියමිතය.

නිෂ්පාදකයින් පවසන්නේ මෙම ‘nanopool’නිෂ්පාදනයන් තුළින් අදාළ අංශයන් තුළ දීර්ඝ කල් පැවැත්ම සහ ගුණාත්මක තාවය ඉහළ යන බවයි.

ප්‍රධාන වශයෙන් මෙරට සෞඛ්‍ය ,ඉදිකිරීම් ක්ෂේත්‍රය,කෘෂි, කර්මන්ත සහ නිෂ්පාදන අංශයන් සඳහා මෙම ‘nanopool’වඩාත් ප්‍රායෝගික වන අතර Fabric & Textile, Stone, Metal, Anti Corrosive, Plastic, Glass & Ceramics, Woodආදී අමුද්‍රව්‍යන් යොදා නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ සහ සේවා සඳහා යෝග්‍ය බව සඳහන්.

‘nanopool’නිෂ්පාදනයක වර්ග අඩියක් අවම වශයෙන් ලංකාවේදී රුපියල් 250 ත් 300 ත් අතර මිලකට ලබා ගත හැකි අතර එහි ඇති විවිධ අවස්ථා අනුව එම මිල ගණන් වෙනස් වෙයි.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව සැකසුනු නව වීඩියෝව පහතින් නරඹන්න.

වීඩියෝව පහලින් නරඹන්න....

Rate this item
(0 votes)