May 06, 2024

ක්ලෙමෙන්ට්ස් රෙස්ටොරන්ට් වත්තලට

November 03, 2014

වත්තල නගරයට සම්භාවනීය භෝජන විලාසිතාවන් රැගෙන ක්ලෙමෙන්ට්ස් රෙස්ටොරන්ට් ඇන්ඩ් බැන්ක්වට් පසුගියදා විවෘත කෙරිණි.

අතිනවීන පහසුකම් වලින් සමන්විත ඉතා ආකර්ශණීය ලෙස නිර්මාණ කර ඇති උත්සව ශාලාව 200දෙනෙකු සඳහා අවශ්‍ය පහසුකම් වලින් සමන්විතයි. ප්‍රිය සම්භාෂණ සහ සම්මන්ත්‍රණ මෙන්ම විලාසිතා දැක්ම වැනි විචිත්‍රවත් උළෙල පැවැත්වීම සඳහාද පහසුකම් සපයා ඇත.

මෙම ක්ලෙමෙන්ට්ස් රෙස්ටොරන්ට් ඇන්ඩ් බැන්ක්වට් මගින් ශ්‍රී ලාංකික, චීන, තායි, ජපන්, මොන්ගෝලියන්, ඉන්දියන්, බටහිර ආදී විදෙස් රටවල ආහාර පාන ලබා ගැනීමට හැකිවේ. 

ක්ලෙමෙන්ට්ස් රෙස්ටොරන්ට් ඇන්ඩ් බැන්ක්වට්  ලංකා රෙස්ටොරන්ට් ඇන්ඩ් කේටරස් පෞද්ගලික සමාගම සතු ආයතනයකි. මංජුල ප්‍රනාන්දු හා උපේක්ෂ ප්‍රනාන්දු කටයුතු කරයි.

 

Rate this item
(0 votes)