May 06, 2024

Facebook හා සම්බන්ධ වන Microsoft හෙළිදරව්ව (Video)

Microsoft වෙළඳපොළට හඳුන්වා දී ඇති නවතම wearable fitness device පිළිබඳව විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබේ. ඒ පිළිබඳ උපුටා දක්වමින් පුවත් මාධ්‍යන් පෙන්වා දෙන්නේ මෙය පළදින්නාගේ උදාසීනත්වය සහ ශරීර ක්‍රියාකාරීත්වය වෙන් වෙන් වශයෙන් ඉතා සාර්ථකව හඳුනා ගැනීමේ හැකියාව මෙයට තිබෙන බවයි. එහි සම්බන්ධතාවයක් smartphones සඳහාද ලබා දීමේ හැකියාව මෙයට පවතින බවයි සඳහන් වන්නේ.

Microsoft සමාගම පෙන්වා දෙන්නේ මෙම ‘wearable fitness device’ ඇමරිකානු ඩොලර් 199 වැනි මුදලකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.

වරක් චාර්ඡ් කිරීමකදී දින දෙකක් භාවිතා කිරීමේ හැකියාව පවතින ‘wearable fitness device’ සඳහා හදවතේ උත්තේජනයන් හෙවත් වෙනස්වීම් 10 ක් පමණ හඳුනා ගැනීමේ හැකියාව පවති.

ඒ අතර කැලරි, ආතතිය සහ නිරාවරණයවීම් ප්‍රධාන කොට දැක්වීමට Microsoft සමාගම පියවර ගෙන තිබේ. මෙම අවස්ථාව Microsoft සමාගමේ බහුවිධ ඉලක්කයේ health & fitness සහ wearables category හී සුවිශේෂී අවස්ථාවක් බවද පෙන්වා දෙයි.

ටෙලිකොමියුනිකේෂන් සහ ටෙක්නොලජි ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන Apple, Samsung සහ Google මේ වන විටත් health wearable devices වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන අතර ඔහුන් මේ වන විට අනාගත ක්‍රමෝපායන් කෙරෙහි නැඹුරුතාවය දක්වමින් සිටි.

නමුත් Microsoft සමාගම හඳුන්වා දුන් මෙම නවතම ‘wearable fitness device’ පහසුකම විවිධ ජංගම දුරකතන සමග සම්බන්ධ කළ හැකි අතර එහි ඇති අලුත්ම පිම්ම ලෙස Facebook සහ Twitter සමඟද සම්බන්ධතාවය ලබා ගත හැකි බව හෙළිදරව් කර තිබේ.

වීඩියෝව පහළින් නරඹන්න…

 

Rate this item
(0 votes)