May 14, 2024

නවතම brake පද්ධතිය TOYOTA වාහන නැවත කැඳවයි

ජපන් කීර්තිමත් මෝටර් රථ සමාගමක් වන Toyotaසමාගම ලොව පුරා අලෙවි කළ මිලියන 1.75 ක මෝටර් රථ, දෝෂ සහිත වීම හේතුවෙන් යළි කැඳවීමට නියෝග කර ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ එම රථවල පවතින තිරිංග සහ ඉන්ධන සම්බන්ධ දෝෂ හේතුවෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

2007 සහ 2012 අතර කාලය තුළ ToyotaහීCrown,Majestaසහ Noah ,Voxyවැනි රථවල ස්ථාපිත කරන ලද නවතම තිරිංග පද්ධතියේ ඇති මෙම දෝෂය හේතුවෙන් රථවල සිදුවන අනතුරු වැඩි වී ඇති බවත් වාර්ථා වෙයි.

Toyotaසමාගම මෙම ආපසු කැඳවීමේදී ඇති වන පාඩුව පිළිබඳවත් මෙතෙක් ඇස්තමේන්තු කර නොමැත. කෙසේවෙතත් Toyotaසමාගම අදහස් කරන පරිදි ලොවපුරා වාහන 802,000ක් මෙම ගැටථවට මුහුණ පා ඇති බවයි.

මේ අතර ජපානය තුළ පමණක් Corolla Rumion සහ Aurisනැමැති රථත් නැවත කැඳවීමට පියවර ගෙන ඇති අතර ඒ 2006 ඹක්තෝම්බර් මස සිට 2014 ඔක්තෝම්බර් මස දක්වා වූ කාල පරාසය යටතේ නිපදවන ලද මෝටර් රථයි.

විදෙස් මාධ්‍ය දක්වන පරිදි Toyotaසමාගම ගිය වසරේ මෙන්ම මේ වසරේදී අවස්ථා දෙකකදීත් සිය නිෂ්පාදන දෝෂ සහිත වීම හේතුවෙන් නැවත කැඳවීම් නිවේදනය කර තිබුණි.

Rate this item
(0 votes)