May 14, 2024

ජපානයේ සංචාරක වෙළෙඳපොළට ලංකාවත් එක්වෙයි

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ජපානයේ පැවැත්වෙන විශාලම සංචරණ හා සංචාරක වෙළෙඳපොළ වශයෙන් සැලකෙන JATA Travel Far 2014 සඳහා සහභාගි විය. 

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පසුගිය අවුරුදු 20ක් පුරා මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා සහභාගි වෙයි.

මෙහිදී ජපානයේ ප්‍රාන්ත 47කින් හා ලොව පුරා රටවල් 150කින් ප්‍රදර්ශන කටයුතු සිදු කෙරිණි. ප්‍රදර්ශනයේ මුල් දෙදින කර්මාන්තකරුවන්ගේ ව්‍යාපරික සාකච්ඡා සඳහා වෙන් වූ අතර අවසන් දින දෙක යෙන් 1300ක ඇතුළත්වීමේ ගාස්තුවක් සමඟ මහජනයා වෙත විවෘත විය. දින තුන තුළ මේ සඳහා 150,000කට අධික පිරිසක් සහභාගි වී ඇත. 

ඉඩම් යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යංශයේ සහය ඇති ව ජපාන සංචරණ හා සංචාරක සංගමය හා ජපාන සංචරණ නියෝජිතයන් සංගමය විසින් සංවිධානය කරන ලදී.

 

Rate this item
(0 votes)