May 14, 2024

මෙන්න ලක්ෂයේ යුවල

ඉතිහාසයේ වසරක් තුලදී මෙරටට පැමිණි  වැඩිම චීන සංචාරකයින් ප්‍රමාණය වාර්ථාකරමින්  දිවයිනට පැමිණි   100,000 වන චීන සංචාරක යුවල   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී  අද උදෑසන  උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය.

චීනයේ ෂැංහායි නුවර සිට  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 846 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි චෙන් හූයි හුවා (30) මහත්මිය  සහ  යන්ග් හා (33)  මහතා මෙම වාසනාවන්ත සංචාරක යුවල විය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති භාෂ්වර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු ඔවුන් වෙනුවෙන් විශේෂ තිලිණ පිරිනැමුහ.

වෘත්තියෙන් ව්‍යාපාරිකයින් වන මෙම යුවල   සුවඳ විළවුන් ආයතනයක් පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකාව පිළිබඳ දක්නට ලැබු වෙළඳ ප්‍රචාරණ දැන්වීමක්  නරඹා මෙරටට පැමිණි බව ඔවුහු කටුනායකදී පවසා තිබේ.

Rate this item
(0 votes)