May 14, 2024

සැම්සුම් ‘GALAXY Alpha’ ගැන කියා දෙයි (Video)

ඩිජිටල් තාක්ෂණික ක්ෂේත්‍රයේ කීර්ති නාමයක් වන සැම්සුම් සමාගම මෙරට වෙළඳ පොළට හඳුන්වා දුන් වනතම ජංගම දුරකතන අත්දැකීම පිළිබඳව සිය පාරිභෝගිකයින් දැනුවත් කර තිබේ.

සිය නවතම මාදිළිය වන ‘GALAXY Alpha’ වෙළඳපොල වෙත වෙනම මුහුණුවරකින් ඉදිරිපත් කළ බවයි එහිදී සැම්සුම් සමාගම පවසන්නේ. ඒ අනුව ‘GALAXY Alpha’ තුළ ඉදිරි ජංගම දුරකතන ක්ෂේත්‍රයට අනන්‍ය වූ ස්වාභාවයක් ගොඩ නගා ඇති බවද සඳහන් කරයි.

ඒ අනුව ලෝහමය පිටත නිමාවකින් නිර්මාණය කර ඇති ‘GALAXY Alpha’ සිත්ගන්නාසුළු පෙනුමක් එක් කර තිබෙන අතර එය ශක්තිය අතින්ද වඩාත් යෝග්‍ය බවයි සඳහන් වන්නේ. ඒ බව සමාගම තරයේ සහතික කරන බවත් සමාගම නිවේදනය කරයි.

දෙවනුව වේගවත් සහ ක්‍රියාශීලි ක්‍රියාකාරීත්වයක් මේ තුළ අන්තර්ගත බවද පැවසේ. අති නවීන තාක්ෂණික උපාංග ඇතුළත් කර ඇති මෙහි ලබා දෙන රූපරාමු ඉතා සුපැහැදිළි බවත් සඳහන් කරයි. මේ පිළිබඳව වැඩි දුරටත් සඳහන් කරන සැම්සුම් සමාගම පෙන්වා දෙන්නේ ඇස් ආකර්ශණය කර ගත හැකි පහසුකම් සහ කාලීන උපක්‍රමික රැසක් ‘GALAXY Alpha’ හරහා පාරිභෝගිකයාට අත්විඳිය හැකි බවයි.

‘GALAXY Alpha’ හී මිලිමීටර 07ක ඝනකමක් සහිතව සහ අතින් පහසුවෙන් ලිස්සා නොයන ලෙස නිර්මාණය කරන්නට සමත් බවත් පෙන්වා දෙයි. කාන්තිමත් අගල් 4.7ක HD Super AMOLEDdisplayඑකක් මෙහිදී සපයා දී තිබේ. ජනප්‍රිය සොෆ්ට්වෙයා රැසකින් සහ ඇප්ස් ගණනාවක් ඇතුළත් කිරීමේ හැකියාව මෙන්ම Ultra-Power Saving Mode, S Health, Finger Print Scanner, Private Mode සහ තවත් අවශ්‍යකරන උපාංග රැසක් සපයා දී තිබේ.

සැම්සුම් සමාගම පෙන්වා දෙන්නේ ඔබේ සිහින ‘GALAXY Alpha’ ජංගම දුරකතනය charcoal black, dazzling white, frosted goldසහsleek silverයන වර්ණ සංයෝගයන් තුළින් ලබාගත හැකි බවයි.

සැම්සුම් සමාගම ‘GALAXY Alpha’ ජංගම දුරකතනය ඩයලොග් සමාගමත් සමග එක්ව හඳුන්වා දී ඇති අතර එහිදී ප්‍රමුඛ පෙළේ credit cardමිහිකරුවන්ට පොළී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට මෙය අලෙවි කිරීමටත් කටයුතු යොදා තිබේ.

 

Rate this item
(0 votes)