May 15, 2024

1919 ට තවත් රාජ්‍ය ආයතන 20ක් එක්වෙයි

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919)  ඔස්සේ තවත් රාජ්‍ය ආ‍යතන 20ක තොරතුරු ලබන 2015 වසරේ සිට මහජනතාවට ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

රාජ්‍ය  තොරතුරු කේන්ද්‍රය (1919) මගින් මේ වන විට රාජ්‍ය ආයතන තුන්සියයකට අයත් සේවාවන් දෙදහසක් පමණ ලබා දෙමින් සිටින බවද එම නියෝජිතායතනය සඳහන් කරයි.

ලබන වසරේදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් තොරතුරු ලබා දීමට නියමිත රාජ්‍ය ආයතන පිළිබඳව අදාළ  මුලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයිද නියෝජිතායතනය පවසයි. 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 2006 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගෙවී ගිය වසර 8 තුළදී මහජන ඇමතුම් ලක්‍ෂ 80ක් පමණ ලැබී තිබේ.

රාජ්‍ය ආයතන මගින් සැපයෙන සේවාවන් පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා දීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2006 වසරේදී රාජ්‍ය  තොරතුරු කේන්ද්‍රය ආරම්භ කෙරුණි.

Rate this item
(0 votes)