May 15, 2024

ජර්මනියේ බස් සේවාවත් ලංකාව වෙනුවෙන්

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලොව රටවල් අතර ශ්‍රී ලංකාව ආකර්ශණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම උදෙසා ප්‍රචාරණ වැඩසටහන් දියත් කර ඇත.

ටැක්සි සහ බස්රථ ප්‍රචාරණ වැඩසටහන් මෙම සංචාරක ප්‍රචාරණ වැඩසටහනෙහි එක් අංගයක් වනඅතර, එය එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, කොරියාව, චීනය සහ ජපානය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ. ටැක්සි ප්‍රචාරණ වැඩසටහන් මේ වන විටත් එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් හි සංචාරකයන් බෙහෙවින් ප්‍රිය කරන සංචාරක ආකර්ෂණයක් යොදා ගනිමින් දියත් කර ඇත.

මේ අනුව යුරෝපා සංචාරක වෙළෙඳ‍පොළෙහි සංචාරකයන් විශාල ලෙස ආකර්ශණය කර ගැනීමට සමත්කරුවෙකු වන ජර්මනිය මුල් කරගනිමින් එළිමහන් ප්‍රචාරණ වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව ආකර්ශනීය ගමනාන්තයක් ලෙස සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු සිදු කර තිබේ. මෙය සය මසක් පුරාවට සිදු  කරනු ලබන ටැක්සි 1200 ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනට අනුබද්ධ ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු සිදු කර ඇත.

මේවන විටත් ටැක්සි රථ තුන්සියයක් යොදා ගැනිමින් ජර්මනියෙහි බර්ලින්, ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච් සහ හැම්බර්ග් යන නගර කේන්ද්‍ර කොට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රචාරන කටයුතු ආරම්භ කර ඇත. ටැක්සි රථප්‍රචාරණ වැඩසටහන හා සමගාමී ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් විවිධ තේමා මුල් කර ගනිමින් ජර්මනිය තුළ බස් රථ ප්‍රචාරණ වැඩසටහනක් ද එළි දක්වා ඇත. මෙම බස් රථ ප්‍රචාරණ වැඩසටහනෙහි මූලික ඉලක්කය වනුයේ ‍පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරගනිමින් ගමනාගමනයෙහි යෙදෙන ප්‍රජාව වෙත ශ්‍රී ලංකාවෙහි ඇති සංචාරක ආකර්ශනයන් පිළිබද සන්නිවේදනය කිරීමයි.

වනජීවී ආකර්ශන, පිවිතුරු වෙරළ තීරයත්, පැරණි ආයුර්වේද ශිල්ප ක්‍රම සහ රළ මත ගමන් කිරීම  වැනි සංචාරක අවධානය වැඩි ලෙස දිනාගත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහා දක්වන තේමාවක් යොදා ගැනිමින් බස්රථ සියයක් බර්ලින් සහ ෆ්‍රැන්ක්ෆර්ට් යන නගරයන්හි මේ වන විටත් ප්‍රචාරණ කටයුතු ආරම්භ කොට ඇත.

Rate this item
(1 Vote)