May 15, 2024

මහජන බැංකුවෙන් සාරංග - උමාලි ‘රිලැක්ස්’ වෙලා

මහජන බැංකුවේ ‘රිලැක්ස් ඉතුරුම්’ සැලසුම එහි සන්නම් තානාපතිවරයා වන ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර වෙත පිරිනැමීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර මහතා අතින් මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදු කිරීම හේතුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා සඳහන් කළේ ‘දශක පහකට අධික කලක් ශ්‍රී ලාංකීය ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් සමීපකළ මහජන බැංකු විසින් තාරුණ්‍යයේ පසුවන සෑම ශ්‍රී ලාංකිකයකුටම ඉතුරුම් සැලැස්මක් ගොඩනගා දී ඔවුන්ගේ අනාගත දිවිය පැහැබර කිරීමේ අරමුණින් ‘පීපල්ස් රිලැක්ස්’ඉතුරුම් සැලසුම හඳුන්වා දුන්නා. මෙමගින් ඔබට හැකි කාලයේ සිදුකරන ඉතිරිය තුළින් ඔබ වෙනුවෙන් විශ්‍රාම අරමුදලක් ගොඩනගාදී ඔබ තීරණය කරන වයසකසිට විශ්‍රාම ප්‍රතිලාභ ලබාදීමට මහජන බැංකුව සූදානමින් සිටිනවා’ යනුවෙනි.

වයස අවුරුදු 18 සිට 65 දක්වා ඕනෑම අයකුට බැංකුවේ රිලැක්ස් ගිණුමක් ආරම්භ කළහැකි අතර අවුරුදු 50, 55, 60 සහ 65 යන ඕනෑම වයසකදී ඔබට සිතැඟි පරිදි විශ්‍රාම ප්‍රතිලාභ ගැනීමේ හැකියාව සලසා දී තිබේ. එමෙන්ම මෙම ඉතුරුම් සැලසුම ජනතාව අතරට ගෙනයාමට සාරංග සහ උමාලි දෙපළ කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)