May 15, 2024

උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක් වටිනාකම බිලියන 67 යි

තවත් වසර කිහිපයක් ඇතුළත දකුණේ ඇති සියලූ පහසුකම් උතුරේ ජනතාවට ලබාදීම රජයේ අරමුණ වී ඇතැයි ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

එසේම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉකුත් වසර 09 යේදී  උතුරු පළාතසඳහා රුපියල් මිලියන  66712 ක් ආයෝජනය කර ඇතැයිද කී අමාත්‍යවරයා බලශක්ති, තාක්ෂණ, හෝටල් ව්‍යාපාර ඇතුළු ව්‍යාපෘති 26ක් මෙම ආයෝජනයන්ට ඇතුළත් බවත් එහිදි නව රැකියා 4833 ක් ලබාදීමට හැකි වූ බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු උතුරු පළාතේ දේශීය ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා පැවැතිපළමු ආයෝජන සමුළුව යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී ආයෝජකයින් අමතමින් ඇමැතිවරයා එසේ ප‍්‍රකාශ කළා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘පළාතකට ආයෝජනයක් ගෙන එන්න නම් ඒම පළාතේ යටිතල පහසුකම් දියුණු තත්ත්වයේ තිබෙන්න ඕන. එසේ නොවුණොත් කිසිදු ආයෝජකයෙක් කැමැති වෙන්නේ නැහැ තමන්ගේ ආයෝජනයන් සිදු කරන්න. ලබන 13 වැනිදා ජනාධිපතිතුමා උතුරට එන දුම්රිය මාර්ගය විවෘත කරනවා. තවත් සංවර්ධන ව්‍යාපෘතිරැසක් ජනතා අයිතියට පත්කරන්න කටයුතු කරනවා’ යනුවෙනි.

 

Rate this item
(0 votes)