May 16, 2024

ඇන්ජලෝ මැතිව්ස් ‘My Friend’ හා එක් වෙයි

ප්‍රමුඛ පෙළේ වෙළඳ නාමයක් වන ‘Hameedia Group’ සමග යළිත් වරක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එක් වී ඇති බව ‘Hameedia Group’නිවේදනය කරයි.

ඒ ‘Hameedia Group’හී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන ‘My Friend’ව්‍යාපෘතිය සඳහායි.

එම ව්‍යාපෘතිය හරහා පාසැල් උපකරණ සහ අධාපනික උපාංග අවශ්‍යකරන පාසැල්වල දරු දැරියන් 200 කට අධික සංඛ්‍යාවක් සඳහා ප්‍රදානයන් සිදු කෙරේ.

තවද ‘My Friend’ව්‍යාපෘති කණ්ඩායම එම දරු දැරියන් සමග සමීප වීමට පියවර ගැනීම මගින් ඔවුන්ගේ අනාගත සිහිනයන් සහ ඉලක්ක වෙත ගමන් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනයන්ද සිදු කරයි.

‘My Friend’ව්‍යාපෘතියේ නිර්මාණකරු මෙන්ම ‘Hameedia Group’හී කළමණාකාර අධ්‍යක්ෂ Fouzul Hameedමෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ සිය ‘My Friend’ව්‍යාපෘතිය හරහා මෙරට පාසැල් හැර ගොස් සිටි පාසැල් යන වයසේ දරු දැරියන් විශාල පිරිසක් යළි පාසැල් වෙත ගෙන්වා ගනිමින් ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙන්නට පියවර ගෙන ඇති බවයි.

මෙවර මෙම ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ Dharusalam Maha Vidyalayam, Methodist ChurchCity Mission, Rajasinghe Maha Vidyalaya  සහ Colombo Central Hindu Maha Vidyalayamයන පාසැල්වල දරු දැරියන් වෙතයි.

 

Rate this item
(0 votes)