May 16, 2024

Arpico පීවීසී පයිප්ප වෙත ISO 9001:2008

රිචර්ඩ් පීරිස් සමූහයේ ප්‍රධානතම වෙළඳ නාමය වන ආපිකෝ, ඉහළම තත්ත්වයේ පීවීසී පයිප්ප සහ උපාංග ඇතුළුව නිෂ්පාදන හා සේවා රාශියක් දිවයින පුරා වෙසෙන සිය පාරිභෝගිකයන් හට සපයනු ලැබේ. සිය සාර්ථක ගමනේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ISO 9001:2008සහතිකකරණය හිමිකරගැනීමට ආපිකෝ පීවීසී පසුගියදා සමත් විය.

මෙම සහතිකකරණයට අමතරව දැනටමත් ආපිකෝ පීවීසී පයිප්ප සඳහා SLS 147 සහතිකකරණයත්, උපාංග සඳහා SLS 659 සහතිකකරණයත්, සොල්වන්ට් සිමෙන්ති සඳහා SLS 935සහතිකකරණයත් සමාගම වෙත හිමිවී ඇත.  

මෙම සහතිකකරණය පිළිබඳව ව්‍යාපාර සංවර්ධන කළමනාකරු වන ගයාන් වික්‍රමආරච්චි මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ISO 9001:2008යනු සමාගමක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පිරිනැමෙන ලොව ඉහළම පෙළේ පද්ධති සහතිකරණය බවත් මේ සහතිකකරණය ඔස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය පුරාවටම තත්ත්ව කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම සහ නිරීක්ෂණය වීම සිදුවන බව තහවුරු කෙරෙන බවයි.

මේ වනවිටත් ආපිකෝ වතුර ටැංකි සහ ආපිකෝ මෙට්ට කර්මාන්තශාලා සඳහා ISO 9001සහතිකකරණය හිමිවී ඇති අතර තවදුරටත් තම නිෂ්පාදන හා සේවා දියුණු කරගනිමින් දිනෙන් දින ඉහළ යන දේශීය හා ජාත්‍යන්තර ඉල්ලූම වෙනුවෙන් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන හා සේවා පිරිනැමීමට රිචර්ඩ් පීරිස් සමූහය කටයුතු කරමින් සිටී.

Rate this item
(0 votes)