April 30, 2024

ලංකා බැංකුව 75 දී වැඩ පෙන්වයි

September 17, 2014

ලංකා බැංකුව සිය 75 වසරක නොමැකෙන ගමන් මග 2014 අගෝස්තු මස පළමුවන දිනඅභිමානවත් ලෙස සමරනු ලැබුවේ 2014 පළමු අර්ධ වර්ෂය තුළදී රු. බිලියන 8.6 කබදු පෙර ලාභයක් වාර්තා කරමිනි.

2013 වසරේ පළමු අර්ධ වර්ෂය තුළවාර්තාගත රු. බිලියන 7.2 ක  බදු පෙර ලාභයට සාපේක්ෂව මෙය 20 ක වර්ධනයක් බවබැංකුව පවසයිග ශ්‍රී ලංකාවේ අද්විතීය මූල්‍ය ආයතනය ලෙස රටේ සියලුම අංශ වෙතසිය උපරිම සේවාව සපයමින්, ණය හා අත්තිකාරම්ල තැන්පතු, වත්කම්ල ලාභ සහ ආමුඛප්‍රේෂණ යන අංශයන්හි අංක එක ස්ථානය හොබවමින් ලංකා බැංකුව සිය 75වසරකඉතිහාසය සනිටුහන් කර ඇත.

මෙම වසරේ පළමු මාස 6 යේ බදු පසු ලාභය රු.බිලියන 6.2කි. ‍පොලී අනුපාතයන්හි අහිතකර බලපෑම සහ බැංකු ක්ෂේත්‍රයටම බලපෑඅත්තිකාරම් වර්ධනයේ පසුබෑම යන කරුණු පැවතියද බැංකුව ගාස්තු පාදක ආදායමේ හාආයෝජන ආදායමේ වර්ධනය හා අක්‍රීය වත්කම් මත වන හානිකරණ ප්‍රතිපාදන අවම කිරීමයන සාධක මගින් ‍පොලී අනුපාතිකයන්ගේ පසුබෑම මැඩපවත්වා ගැනීමට සමත්විය.

ඇපකර සහ ප්‍රතිග්‍රහණ බිල්පත් නිකුත් කිරීම මගින් ගාස්තු පාදක ආදායම රු. බිලියන1.3ක් හෙවත් 49ක වර්ධන ප්‍රතිශතයක් පෙර වසරට සාපේක්ෂව වාර්තා කිරීමට දායකවී ඇත. තවදුරටත්ල අභියෝගාත්මක අවස්ථාවන්හිදී විවිධ ආදායම් උත්පාදනක්‍රමවේදයන් සොයා ගැනීමේ බැංකුවසතු උපක්‍රමික හැකියාව මොනවට පිළිබිඹුකරමින් රු. බිලියන 2.4ක ආයෝජන සුරැකුම් මත වන ශුද්ධ ලාභයක් මෙමකාලපරිච්ජේදයේදී වාර්තා කර ඇති අතර එය පෙර වසර හා සැසඳීමේදී 54 ක වර්ධනයක්බව බැංකුව පවසයි.
ට්‍රිලියනයක වත්කම් ප්‍රකාශිත ශේෂ පත්‍රයක් සහිතඑකම දේශීය බැංකුව යන නාමය තවදුරටත් රැකගනිමින් 2014 ජුනි අවසාන වන විට 5කවත්කම් වර්ධනයක් පෙන්වමින් රු. ට්‍රිලියන 1.3ක වත්කම් ප්‍රමාණයක් වාර්තාකිරීමට ලංකා බැංකුව සමත්ව ඇත. මෙම වත්කම් වර්ධනයේ ප්‍රධාන දායකත්වයසපයන්නේ, කෙටි කාලීන අරමුදල් සහ මූල්‍ය ආයෝජන යන වත්කම මගිනි. සමස්ත වත්කම්වර්ධනය කිසියම් දුරකට මධ්‍යස්ථ අගයක් වාර්තා කළද, ණය අත්තිකාරම්ල තැන්පතුසහ ලාභ යන අංශ වලින් තම වෙළෙඳ‍පොළ නායකත්වය තවදුරටත් රැකගැනීමට බැංකුවසමත්ව තිබේ.
 
බැංකු ක්ෂේත්‍රයේ ණය අත්තිකාරම් වලින් 21ක කොටසකටදායක වෙමින්ල රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම ප්‍රධාන සහ මූලික ණයසපයන්නා බවට ලංකා බැංකුව පත්ව ඇත. බැංකුවේ මුළු වත්කම් වලින් 60ක් නියෝජනයවනුයේ ගනුදෙනු කරුවන්ට ලබාදුන් දළ ණය අත්තිකාරම්වලිනි. ශ්‍රී ලංකාගිණුම්කරණ ප්‍රමිති සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත මත සම්පාදිතඉදිරි අලාභයන් සඳහා වන ප්‍රතිපාදන ගැළපුම්වලට පසුව ශුද්ධ ණය හා අත්තකිකාරම්වල අගය රු. බිලියන 698කි.

Rate this item
(0 votes)