April 30, 2024

3D ප්‍රින්ටරයක් මගින් නිපදවූ ලොව ප්‍රථම මුද්‍රිත කාරය එළිදකී (VIDEO)

එදිනෙදා ජීවිතේදී අප සාමාන්‍යයෙන් මුද්‍රිත පිටපත් ලබාගන්නේ කඩදාසි කොලවලටය (Print Out). නමුත් මේ වන විට සාමාන්‍ය මුද්‍රිතපිටපත් වලට එහායින් ගිය ත්‍රිමාණ තාක්ෂණය මේ වන විට විවිධ භාණ්ඩවර්ග මුද්‍රණය කිරීමට, ශෛල්‍යකර්ම වලට පවා යොදාගැනීමට පෙළඹී තිබෙනවා.

නමුත් මෙම ත්‍රිමාණ තාක්ෂණය මඟින් ධාවනය කල හැකි කාරයක් නිපදවීමට හැකියාවක් ඇති බව ඔබ දැනගත්තොත් පුදුම වෙනවා නොඅනුමානයි.

කෙසේ වෙතත් මේ වන විට ධාවනයට සුදුසු ලොව ප්‍රථම මුද්‍රිත කාරයක් නැතිනම් ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ මුද්‍රණය කල කාරය (3D Car) අමරිකාවේ චිකාගෝ නුවරදී එළිදක්වා තිබෙනවා. මෙම කාරයේ නම ස්ටාර්ටි (Strati) 

දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි මෙම මෝටර් රථය තුළ සාමාන්‍ය මෝටර් රථයක ඇති ක්‍රියාකාරීත්වය ඇති අතර විද්‍යුත් මෝටර් රථයක් වන මෙහි උපරිම ගමන් දුර කිලෝමීටර් 120 උපරිම වේගය පැයට කිලෝමීටර 40 කි.

මෙහි විශේෂත්වය නම් පැය 44 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මෝටර් රථය නිපදවා නිම කිරීමට හැකි වීමයි. එනම් මුද්‍රණය කිරීමට හැකි වීමයි. ඉදිරියෙදී එහි කාලය තවත් අඩු කර අවම පැය 10ක කාලයක් තුල මෙය නිෂ්පාදනය කිරීමටත් එහි නිෂ්පාදකයින් පියවර ගන්නා බවද සඳහන් කර තිබේ.

සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රවල (ප්‍රින්ට(ර්)ස්) වල භාවිතා කෙරෙන කාබන් සහ කාබන් ෆයිබර් මෙහි අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් මෙම මෝටර් රථය නිෂ්පාදනය කර ඇති අතර දැනට මෙම කාරයේ විකිණුම් මිල ඩොලර් 18,000 - 30,000 අතර වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 October 2014 09:50