April 30, 2024

‘Oman Air’ ලෝකයේ ඇගයීමට

September 16, 2014

‘Oman Air’ සමාගම සිය සේවා හා පහසුකම් ජාලය තුළ සම්මාන සහ ඇගයීම් රැසකට පාත්‍ර වී ඇති බව දන්වා සිටි.

මැදපෙරදිග ප්‍රධාන ගුවන් සමාගමක් වන ‘Oman Air’ 2014 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ කීර්තිමත් සංචාරක සඟරා රැසකදී ද ඇගයීමට ලක්වූ බවද නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රථම වටර ඇමරිකන් එක්ස්ප්‍රස් සඟරාවේ ‘එක්සෙකටිව්’අතිරේකයේ ලොව සුපිරි ගුවන් ගමන් සේවා සපයන සමාගමක් ලෙස ‘Oman Air’නම් කර තිබුණි. ඉන් අනතුරුව තවත් සඟරා රැසකම දිගින් දිගටම සිය සේවා ඇගයිමට ලක් වීමෙන් වැඩිම වාර ගණනක් මෙලෙස ඇගයීමට පාත්‍ර වූ ගුවන් සේවා සමාගම ලෙසද ‘Oman Air’සමාගම නම් දරා සිටි.

මේ වන විට ලෝකයේ හොඳම දෙවන ගුවන් සේවය ලෙසද හැඳින්වෙන ‘Oman Air’හී ගුවන් යානා ඇතුළත නිර්මාණය කර ඇති ආකාරයද ඇගයීමට ලක් වී ඇත.

මේ වන විට මැදපෙරදිග  Best Business Class  සහ Best Economy Class යන අංශයන් සඳහාද යෝජනා වී ඇත්තේ ‘Oman Air’සමාගමේ සේවාවන්ය.

 

 

Rate this item
(0 votes)