April 30, 2024

වීසා ගෙවීම් පහසුකම් දැන් 'DFCC වර්ධන' බැංකුවෙන්

September 16, 2014

අමෙරිකානු තානාපති කාර්යාලය සහ DFCC Vardhanaබැංකුව එක්ව අමෙරිකාවට සංක්‍රමණය වීමට දී ගෙවීම් සිදු කිරීමේ පහසුව දැන් ගනුදෙනුකරුවන්ට සලසා දී තිබේ.

ඒ අනුව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වීසා අයදුම් කිරීමේදී අන්තර්ජාලය හරහා සිදු කරන ගනුදෙනුකරුවන්ට DFCC Vardhana බැංකුව හරහා සියලු ගෙවීම් දැන් සිදු කිරීමේ පහසුව උදා වී ඇති බවයි.

DFCC Vardhana වර්ධන බැංකුව සතියේ දින 06 ක් විවෘතව පවතින අතර දිවයින පුරා පිහිටි 137 ක් වූ ශාඛා ජාලය හරහා එකී පහසුකම සලසා දී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් DFCC Vardhana බැංකුවේ ප්‍රධාන තාක්ෂණික සහ සේවා නිලධාරී අචින්ත හේවානායක මහතා පවසන්නේ මෙම නව සේවාව හරහා සතියක් පමණ ගතවූ ක්‍රියාකාරකමක් විනාඩි කිහිපයකින් සිදු කර ගත හැකි බවයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 September 2014 09:31