April 30, 2024

ජගත් වෙළෙඳ නීතිය ගැන දකුණු ආසියානු සම්මන්ත්‍රණය කොළඹදී 

September 15, 2014

ජාත්‍යයන්තර වෙළෙඳ නීතිය පිලිබද එක්සත් ජාතීන්ගේ කොමිෂන් සභාවේ ආසියානු හා ශාන්තිකරය සදහා වු ප්‍රාදේශීය ශාඛාවේ දකුණු ආසියානු සම්මන්ත්‍රණය ලබන 18 සහ 19 යන දින වලදී කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ඉන්දියාව, චීනය, ජපානය, ඉරානය, මාලදිවයින, නේපාලය, සිංගප්පුරුව, ඔස්ට්‍රේලියාව, වියට්නාමය ඇතුලු රටවල් නියෝජනය කරමින්  නියෝජිතයින් මේ සදහා සහභාගි වේ.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා මෙම දෙදින සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන අතර ආසියානු ශාන්තිකරය සදහා වු ශාඛාවේ ප්‍රධානී ජෙවාවෝ රිබේරියෝ මහතා විසින් මෙහිදී වෙළෙද නීතිය සහ ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය පිලිබද විශේෂ දේශනයක් සිදුකරයි.

දශක දෙකකට අධික කාලයකට පසු ශ්‍රී ලංකාවේදී මෙම සමුළුව පවත්වන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි.

මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතියට අනුගතවීමට අවශ්‍ය පරිසරය සුදානම් කිරීමට මහඟු පිටුබලයක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ, නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

   

 

Rate this item
(0 votes)