April 30, 2024

සරසවි එක්ස්පෝර්ට්ස් ‘ඉසබෙලා’ සමාගම මිලදී ගනී.

September 12, 2014

එක්සත් රාජධානියේ ප්‍රධාන පෙලේ වෙළෙදසැල් සඳහා නිෂ්පාදන සපයන සරසවි එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගම, වෙළෙද නාම සහිත යට ඇදුම් සහ මේස් ඇදුම් සම්බන්ධයෙන් යුරෝපා වෙළෙදපොළ නායකත්වය උසුලන ඩීබී ඇපරල් සමූහයේ සමාගමක් වන ඉසබෙලා පෞද්ගලික සමාගම අත්කර ගන්නා ලදි. මෙසේ අත් කර ගන්නා ලද ශුද්ධ වත්කම්වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 650කි.

මෙම අත්පත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සරසවි එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගම නිෂ්පාදන ආපසු මිලදී ගැනීමේ ගිවිසුමක් හරහා ඩීබී ඇපරල් සමූහයට නිෂ්පාදන සැපයීම සිදු කරයි. ඩීබී ඇපරල් සමාගම, ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි හනෙස්බ්‍රෑන්ඩ්ස් ඉන්ක් සමාගම විසින් අත් කර ගැනීම වැළැක්වීමට මෙම ගනුදෙනුව සමත් වූ අතර එමඟින් කටුනායක සහ කුන්ඩසාලේ පිහිටි ඉසබෙලා කර්මාන්තශාලාවන්හී සේවය කළ 800ක් පමණ සේවකයින්ගේ රැකියාවන් ආරක්ෂා වන ලදි.

සරසවි එක්ස්පෝර්ට්ස් සමාගමට මූල්‍ය උපදෙස් සහ අවදානම් වළක්වාලීමේ උපායමාර්ග සපයන එම් පවර් කැපිටල් සමාගම විසින් මෙම ගනුදෙනුව සැලසුම් කර අවසන් කරන ලදි.

මේ පිළිබඳ අදහස් දක්වමින් සරසවි එක්ස්පෝර්ට්ස් සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක හේමන්ත කුමාර මහතා මෙසේ පවසන ලදි. ‘මෙම ගනුදෙනුව සරසවි එක්ස්පෝර්ට්ස් සමාගමට ශ්‍රී ලංකාවේ මේස් නිෂ්පාදන සහ මේස් සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ අපනයනකරුවෙකු ලෙස සිය නම ස්ථාපිත කිරීමේ අවස්ථාව උදා කර දෙන අතර සමාගමට,  ඉන්දියාව සමඟ පවත්නා සහ චීන ජනරජය සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත නිදහස් වෙළෙද ගිවිසුම්වල ප්‍රතිලාභ අත් කර ගැනීමේ අවස්ථාව ද උදා කර දේ. නව අපනයන වෙළෙදපොළවල්වල් ඉලක්ක කර ගෙන නිෂ්පාදන සංවර්ධනයන් හා ස්වයංක්‍රීයකරණය සඳහා ආයෝජනය කිරීම තුළින් නිෂ්පාදන පරිමාව වර්ධනය කිරීමට අපි අදහස් කරන්නෙමු’.

Rate this item
(0 votes)