April 27, 2024

මෙරට තාක්ෂණ කේෂ්ත්‍රයේ නව ව්‍යවසායකත්ව වර්ධනය හා ඉඩප්‍රස්තා අන්තර්ජාතික ඇගයුමට

ශ්‍රී ලංකාවේ තාක්ෂණ  අංශයේ  නව ව්‍යවසයයකත්ව වර්දනය හා ඉඩප්‍රස්තා  The 2020 Global Startup Ecosystem Report (GSER)  වාර්තාවේ ඉහල ඇගයූමට ලක්ව තිබේ.

ලෝකයේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ආශ්‍රිත  නගර 250ක්  මුල්කරගනිමින්  මෙම විමර්ශනය සිසුකර ඇත. ශ්‍රී ලංකාවේ  තාක්ෂණ ව්‍යාපාර කේෂ්ත්‍රයේ නව ප්‍රවේශයන්ගේ වර්දනයට මුලික හේතුව නව ව්‍යවසායන් සදහාවූ රජයේ සහයෝගය හා කුසලතා පුර්ණ නව මානව සම්පතේ ඇති උද්යෝගය බව පෙන්වාදී  තිබේ. මේ අනුව මෙම අංශයේ විදේශ ආයෝජකන් ඒ සදහා පොලබවනසුලු වාතාවරණයක්  දැන් ගොඩනැගී ඇතිබව මෙමගින් තහවුරු කරඇත.

Startup Genome යනු තාක්ෂණ ව්‍යාපාර කේෂ්ත්‍රයේ නව ප්‍රවේශයන් සදහා අනුබලදෙන පුළුල් විමර්ශන සිදුකරන අන්තර්ජාතික පර්යේෂණ ආයතනයකි.  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට නව තාක්ෂණ ව්‍යවසායකකන් සදහා අවශ්‍යය තොරතුරු සම්පාදනය, දනුවත්කිරිම් හා අන්තර්ජාතික සබදතා පවත්වාගැනීමට අවශ්‍ය දැනුම ලබාදේ.

මෙම පසුබිම මත මෙරට නව තාක්ෂණ ව්‍යවසායකයන්ගේ ප්‍රවේශයේ සාමුහික වර්දනය සදහා වූ වටිනාකම් සිව්ගුනයකින් වර්දනය වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සභාපති ජයන්ත සිල්වා මහතා පෙන්වාදේ. එය රුපියල්  බිලියන 5.4 සිට 21.8 දක්වා වන වර්ද්ධනයකි.

මේ අනුව අපේ ඉංජිනේරුමය හැකියාව ඉතා ඉහල මට්ටමේ අවදානයට යොමුවෙමින් දැවැන්තයකු සේ නැගිසුටිමට හැකිවී තිබේ. කෝවිඩ්  19 ලෝකතත්වය හමුවේ යම් කඩාවැටීමක් සිදුව ඇතත් මෙම ව්‍යයාපාර වෙත පිවිසීමෙට වඩාත් හොද පරිසරයක් ඇතිකරතිබෙන බව ඔහු තවදුරටත් පෙන්වදෙයි.

Rate this item
(0 votes)