April 26, 2024

සංචාරක කර්මාන්තයේ වර්ධනයක්

December 05, 2019

පාස්කු ඉරිදාවු බෝම්බ ප්‍රහාරයෙන් පසු උණවටුණ සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව  උණවටුණ ප්‍රදේශයේ සංචාරක ව්‍යපාරයේ  නිරත හෝටල් හිමියෝ  පවසති.

සංචාරක සමය මේ වනවිට ආරම්භවි ඇති අතර උණවටුණ ප්‍රදේශයේ  සංචාරක ව්‍යාපාරයේ  නිරත වුවන් මේ වනවිට තම සංචාරක අවන්හල් පින්තාරු කරමින්  සංචාරක සමයට මුහුණදිම සදහා සුදානම් වෙමින් සිටිති. පාස්කු ප්‍රහාරයෙන් පසු වසා දමා තිබු සංචාරක අවන්හල්, හෝටල් යළි  විවෘත කර තිබෙන අයුරු අප උණවටුණ සංචාරක කලාපයේ දි කළ සංචාරයේ දි දැකගත හැකිවිය.

මේ වනවිට උණවටුණ වෙරළ තිරයේ වෙනදාට වඩා විදේශිය සංචාරකයින් දැක ගත හැකි අතර රුසියානු සංචාරකයින් වැඩි වශයෙන් මෙවර  පැමිණ ඇති බැව්  සංචාරක කර්මාන්තයේ නිරත වුවන් පවසති. රුසියාවේ  සිට සෟජුවම මෙරටට ගුවන්ගමන් ආරම්භ කොට  තිබිම මෙම තත්ත්වයට හේතුවි ඇති බැව්  උණවටුණ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති රුපසේන කොස්වත්ත මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු  සංචාරක කර්මාන්තය  ඉතා පහතට වැටි තිබු බවත් නොවැම්බර් මාසයේ මුල සිට විදේශිය සංචාරකයින්ගේ පැමිණිමේ වැඩිවිමක් දැකගතහැකිවු බවද කොස්වත්ත මහතා පවසයි. දැනට  උණවටුණ ප්‍රදේශයට පැමිණෙන  විදේශිය සංචාරකයින්ගෙන් සියයට අසුවක් රුසියානු සංචාරකයින් බවත් යුරෝපිය සංචාරකයින්ගේ පැමිණිමේ අඩුවක් ඇති බවද කොස්වත්ත මහතා පවසයි.

දෙසැම්බර් මාසයේ අවසාන සතියේ යුරෝපිය සංචාරකයින් ද  වැඩි වශයෙන් පැමිණිය හැකි බවට හෙතෙම විශ්වාසය පළ කරයි. ජනාධිපතිවරණයෙන් පසු රටතුළ  පවතින සාමකාමි වාතාවරණය සංචාරක කර්මාන්තයට හිතකර තත්ත්වයක් බවද  රුපසේන කොස්වත්ත මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)