April 26, 2024

විදෙස් සංචාරයකට යන්න කැමතිද?

ව්‍යාපාරික සංචාරයක්, පවුලේ කෙනෙක් බලන්න යන ගමනක්, නිවාඩුවක්, එහෙමත් නැත්තම් වන්දනා ගමනක් ඔබ කැමති ඕනෑම විදියකට එතෙර රටකට ගිහින් එන්න දැන් ඔබට පුළුවන්. ලංකාවේ ඉහළම විදෙස් සංචාර රක්ෂණාවරණය ඔබ වෙත දෙන පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණය මඟින් ඔබ නැවත මව්බිමට පැමිණෙන තුරු ඔබේ ආරක්ෂාව පිළිබඳ වගකියනවා.

විදෙස් රටකදී ඔබ හදිසියේ අසනීප වුණොත් ඔබට රෝහල් ගාස්තු ලෙස ගෙවන්න සිදු වෙන මුදල ඔබට හිතාගන්නවත් බැරි තරම් විශාලයි. සංචාරයකට යන අවස්ථාවක ඔබ ඒ තරම් විශාල මුදලක් අරගෙන යන්නෙත් නැහැ. දන්න කියන කෙනෙක් නැත්තම් ඔබ තවත් අපහසුතාවයට පත් වෙනවා. නමුත් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණයක් තියෙනවා නම් ඔබ අසනීප වුණත් අනතුරකට ලක් වුණත් බය වෙන්න දෙයක් නැහැ. විදෙස් රටකදී වුණත් ඔබ තවදුරටත් ආරක්ෂිතයි.

ඔබේ ගමන නොවැලක්විය හැකි හේතුවක් නිසා අවලංගු කරන්න සිදුවුණොත් ඒ වෙද්දී ඔබ ගුවන් ටිකට්පතට මුදල් ගෙවලා අවසානයි. ඔබට සමහර අවස්ථාවල නවාතැන් සඳහා ගෙවූ මුදල් ආපසු ලබා ගන්න පුළුවන්. සමහර විට සංචාරය අතරතුර ඔබේ බෑගය නැති වුණා නම් එහෙමත් නැත්තම් බෑගය ලැබෙන්න පරක්කු වෙනවා නම් ඒ අතරතුර ඔබට ඇඳුම් හෝ වෙනත් මුදල් මිලට ගන්න මුදල් වැයවෙනවා. එවැනි අවස්ථාවකදී ඔබට අවශ්‍ය මුදල රක්ෂණාවරණය හරහා ලබා ගන්න අවස්ථාව තිබෙනවා. 

ඔබේ මුදල් පසුම්බිය හෝ පුද්ගලික ලිපි ලේඛන අස්ථාන ගත වුණ අවස්ථාවකදී ඒවා නැවත සකස් කර ගැනීම සඳහා වැයවන මුදලත් රක්ෂණාවරණය හරහා පියවාගන්නට ලැබීම ඔබට ලැබෙන තවත් එක් වාසියක්. ගමනාන්තයට යාමට සිදුවන ප්‍රමාදයන්ට වගේම ගුවන් යානය මඟහරුණොත් ඒ සඳහා වන වියදම් පියවා ගන්නත් ඔබට රක්ෂණ මුදල් හිමි වෙනවා.

පවුලේ අය එක්ක හෝ කණ්ඩායමක් වශයෙන් යනවා නම් ඔබට වගේම ඔබ සමඟ යන අනෙක් අයටත් විශේෂ වට්ටම් ලැබෙනවා. ඒ අනුව දින තිහක් සම්පූර්ණ වුණු දරුවෙකුට 50% ක වට්ටමක් හිමිවන අතර එම වට්ටම වයස අවුරුදු 18 දක්වා දරුවන්ට අදාළයි.

වසර පුරා විදෙස් ගතවන යට මෙන්ම, අවැසි පරිදි විදේශගත වන්නන් හට තනි රක්ෂණාවරණයක් ද සකස් කරගත හැකිය.

ඔබත් නිතරම විදෙස් ගත වන කෙනෙක් හෝ, විදෙස් රටකට යාමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් දැන්ම ගිහින් පීපල්ස් ඉන්ෂුවරන්ස් ට්‍රැවල් ස්මාර්ට් ඉන්ෂුවරන්ස් රක්ෂණයක් සඳහා අයදුම්පතක් පුරවන්න. රක්ෂණාවරණය ගන්නවාටත් වඩා ඉක්මනින් අවශ්‍ය මොහොතේ ප්‍රතිලාභ ලබා ගන්න ඔබට පුළුවන්.

Rate this item
(0 votes)