May 14, 2024

ජීවිතයේ යථාර්තාය වෙනුවෙන් “සමගි යථාර්තය”

සමුපකාර රක්ෂණ සමාගම නව රක්ෂණයක් පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී ඇත. සමගි යථාර්තය නම් වන මෙම රක්ෂණය ජීවිත රක්ෂණාවරනයක් ලෙස හඳුන්වා දෙයි.

මෙම රක්ෂණාවරනය හඳුන්වාදීම පසුගිය දා එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු අතර එහිදී එහි සභාපති ලලිත් ඒ පීරිස් මහතා, කළමණාකාර අධ්‍යක්ෂක උපාලි හේරත්, ජීවිත රක්ෂණ අංශ ප්‍රධානී චන්දන ප්‍රේමතිලක, සන්නම් නාම කළමණාකරු චින්තක නිරංග යන පිරිස එක් වූහ. 

ග්‍රාමීය ජනතාව ඉලක්ක කර ගනිමින්සමූපකාර පද්ධතියේ සංකල්පයන් අනුව මෙම නව රක්ෂණාවරනය හඳුන්වා දී ඇත.

Rate this item
(0 votes)