April 29, 2024

බෝවන බෝනොවන රෝගවලින් බේරෙන්න දේශීය ආහාර සංස්කෘතියට යන්න වෙනවා

දේශීය ආහාර භාවිතයට ගන්නේ නම් ඕනෑම වෛරසයකින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ගාල්ල, පිලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,

“බෝවෙන රෝගවලින් බේරෙන්න ඕනේ නම් අදට ආදේශ කරලා කිව හැකියි, කොරෝනාවලින් මැරෙන්නේ බෝවෙන රෝග තියෙන අය. දෙකෙන්ම බේරෙන්න ඕනේ. බෝවෙන බෝනොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න ඕනේ නම් පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියකට යන්න ඕනේ. මී පැණි කියන්නේ ලෝකෙ තියෙන හොඳම ආහාරය. ධම්මික පැණියට බනිනවා. ඒකෙත් තියෙන්නේ මී පැණි නේ. මගෙන් අහනවා බිව්වට කමක් නැද්ද කියලා. මී පැණිනම් බිව්වට කමක් නෑ කිව්වා. නවසීලන්තයේ මී පැණි හදන්නේ මල් තුනකින්. මෙහෙ එක මී මැස්සෙක් පැණි හදන්න මල් 595කින් ගන්නවා. මේ මී පැණි ලෝකයේ ඉහළම මී පැණි. ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 5යි මී පැණි තියෙන්නේ. සිංහල වෙදකමට මී පැණි පිටරටින් ගේනවා. කොස්, පොළොස් වගා කරන්න ඕනේ. ඒක වගා කරගත්තොත් 2024 එනවා කියන ඊළඟ වෛරස් එකත් අපිට ප්‍රශ්නයක් නෑ.“

Last modified on Saturday, 09 January 2021 02:22