එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැඟීම සඳහා ප්‍රතිසංවිධාන කමිටුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට තිබේ.
පක්ෂය ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම එම කමිටුවට රනිල් වික්‍රමසිංහ මහතා පැවරූ පළමු වගකීම වේ.
එම වාර්තාව තනි තනිව නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට සතියක් ඇතුළත ලබා දෙන ලෙස වික්‍රමසිංහ මහතා එම කමිටුවට දැනුම් දී තිබුනු මුත් නියමිත දිනට කමිටු වාර්තාව නොලැබීම පිළිබඳව ඔහු සිය අප්‍රසාදය එම කමිටුව වෙත පළ කර තිබේ.
එම වාර්තාව උඩින් පල්ලෙන් සෑදීමට නොහැකි බවත් ඒ සඳහා කාලයක් ගතවන බව එම කමිටුව ඊට පිළිතුරු ලෙස වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, කස්තුරි අනුරාදනායක, ශමල් සෙනරත් හා සමන් රත්නප්‍රිය එම කමිටුවේ සාමාජිකයන් වේ.