April 27, 2024

පිල්ලෙයාන්ට ඇප ලැබෙන ලකුණු ! Featured

September 16, 2020

බන්ධනාගාරගතව සිටින TMVP නායක සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ළඟදීම ඇප නියම වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝසප් පරරජාසිංගම් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට පිල්ලෙයාන් වසර 05ක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටියි.

ඒ ඔහුට නඩු පවරා ඇත්තේ ඇප ලබා දිය නොහැකි ත්‍රස්තවාදයට අදාළ නීති රීති යටතේ නිසාය.

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පිල්ලෙයාන්ගේ සහය වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවට හිමි ව තිබේ.

පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමති වරයා ලෙස කටයුතු කළේද එවකට පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එජනිස ආණ්ඩුවේ සහයෝගය හා ආශිර්වාදය මතය.

Last modified on Wednesday, 16 September 2020 07:00